• English
  • Sinhala
  • Tamil

තාක්ෂණ උද්‍යානය

තාක්ෂණ උද්‍යානය සහ ඉංජිනේරු කෞතුකාගාරය

වසර 45ක ඉතිහාසයක් තුල ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්තානයෙන් නිර්මාණය කරන ලද තාක්ෂණයන් දැකබලා ගැනීම සදහා සුදුසුම ස්ථානය නර්ඩ් තාක්ෂණ උද්‍යානයයි. මෙම තාක්ෂණ උද්‍යානය, නර්ඩ් තාක්ෂණයන් සහ නව නිපැයුම් ප්‍රදර්ශනයට තැබීමටත් ස්වයං රැකියාලාභීනේ, පාසැල් සිසුන්ගේ, තෘතීය අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ගේ සහ පොදු ජනතාවගේ දැනුවත් වීම සදහාත් යොදා ගනු ලබයි. නව ව්‍යපාර ආරම්භ කිරීමට උත්සාහ දරන හා ව්‍යාපාර දියුණු කිරීමට උත්සාහ දරන ව්‍යවසායකයන් හට තාක්ෂණ උද්‍යාන අංශය උපකාරී වේ.

2013 ඔක්තෝම්බර් මස 14 වැනි දින ස්ථාපනය කරන ලද ඉංජිනේරු කෞතුකාගාරය, 6 සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරුවන් හට ඉංජිනේරු තාක්ෂණයන්ගේ විකාශනය දැකබලා අධ්‍යනය කිරීමට කදිම ස්ථානයකි. මෙය ස්ථාපනය කිරීමේ අරමුණු වී ඇත්තේ සිසු දරුවන්, තරුණ පරපුර සහ මහජනතාව හට දැනුම ලබාගැනීමට හා විනෝදාස්වාදය සදහායි.

විවෘත වේලාව - සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා

නැරඹුම් වේලාවක් වෙන් කරගැනීමට : තාක්ෂණ උද්‍යාන භාර නිලධාරී - 0112234267

ප්‍රවේශ පත්‍ර මිල ගණන්:

වැඩිහිටියන් පාසැල් සිසුන් ,ගුරුවරුන් සහ වෙනත් අධ්‍යාපන ආයතනවල සිසුන්
තාක්ෂණ උද්‍යානය සහ ඉංජිනේරු කෞතුකාගාරය රු. 200 රු.70
ඉංජිනේරු කෞතුකාගාරය රු.150 රු.50
තාක්ෂණ උද්‍යානයයි රු.100 රු.30
නර්ඩ් සිවිල් තාක්ෂණය නැරඹීමට රු.30/- (ටිකට් පතක් හතර දෙනෙකු සදහා වලංගු වේ.)
එක් තාක්ෂණයක් නැරඹීමට රු.30/- (ටිකට් පතක් හතර දෙනෙකු සදහා වලංගු වේ.)

Image Gallery